රංගේ බණ්ඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරක

රංගේ බණ්ඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරක

June 12, 2020   11:36 am

හිටපු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ දී ඊයේ (11) අනතුරකට ලක් වී ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

මෙම මෝටර් රථය යසෝධ නෙතඟ රංගේ බංඩාර නමින් ලියාපදිංචි කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම මෝටර් රථය, පුත්තලමේ සිට ආණමඩුව දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක ගැටී තිබුණි.

අනතුරින් පසු මෝටර් රථයේ සිටි අය සහ ටිපර් රථයේ රියදුරා පලා ගොස් ඇති අතර පසුව පොලීසිය අදාළ වාහන පොලිස් ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබේ.