ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි
March 16, 2020 08:57 pm
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරස ආසාදිත වී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.
ඔහු මේ වනවිට එම ආසාදිත පුද්ගලයා අංගොඩ වසංගත රෝග රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවද දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටියේය.
ඔහු අවසන් වරට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත තම ගුවන් යානය පදවා ගෙන පැමිණ ඇති බවත් , මෙම නියමුවා සමඟ කටයුතු කළ තවත් ශ්‍රීලන්කන් ගුවන් යානා කාර්යය මණ්ඩල තුනකට අයත් සාමාජිකයන් ද මේ වනවිට තම නිවෙස්වල ස්වයං නීරෝධායන කටයුතුවල නියැලී සිටින බවද දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
