විදෙස් රටවල ඉන්න ඇතැම් පිරිස් රටේ සාමයට අභූත චෝදනා එල්ල කරනවා-යුද හමුදාපති

විදෙස් රටවල ඉන්න ඇතැම් පිරිස් රටේ සාමයට අභූත චෝදනා එල්ල කරනවා-යුද හමුදාපති

December 3, 2019   07:03 pm

යුද සමයේදී උතුරේ පවුල්වලින් ලබාගත් මුදල්වලින් යැපුනු විදෙස් රටවල සිටින ඇතැම් පිරිස් දැන් රටේ පවතින සාමයට එරෙහිව අභූත චෝදනා සිදුකරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන්දීය භාරත්ශක්ති පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ නිකිල් ගොක්ලේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හමුදාපතිවරයා මෙම අදහස් පල කළේය. 

නිකිල් ගොක්ලේ - ඉන්දීය මාධ්‍යවේදී

බටහිර මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම කතා කරනවා සිව්වන ඊළාම් යුද්ධය අගභාගයේදී දැවැන්ත මානව හිමිකම් කඩකිරීම් සිදුවූ බව සහ ඔබ සිවිල් වැසියන්ගේ ජීවිත ගැන තැකීමක් නොකළ බව. එම චෝදනාව තවමත් විවිධාකාරයෙන් සිදුවෙමින් පවතිනවා.

යුදහමුදාපති - 

සියල්ලට පෙර කෙනෙක් තේරුම්ගත යුතුයි මේ චෝදනා එල්ල කරන්නේ අනුකම්පාව ලබාගැනීමේ අරමුණ සහිත පුද්ගලයින් සහ තවම LTTE සංවිධානයට පක්ෂපාති පිරිස් කියලා. මම විශ්වාස කරන්නේ එහෙමයි. 

මොකද යුද බිමේ සිටි පිරිස් , ඔබත් යුද වාර්තාකරණයේ නියැලී සිටියා ඇතැම් අවස්ථාවල. අපි කොපමණ මානූෂීයව කටයුතු කළාද කියා ඔබ දුටුවා. මේ සියලු චෝදනා කිසිම පදනමක් නැති චෝදනා.  

කිසිම චෝදනාවක් ඔප්පු කරලා නැහැ. ඔබ මා ගැන අහපු නිසා මම කියන්නම්. මම හිතන්නේ නැහැ ඔබ දන්නවා කියලා. මම අධිකරණ පද්ධති තුනක් ඉදිරිපිට දේශීය විමර්ශන තුනකට මුහුණදුන්නා. 

මම කිසිදු වරදක් කළ බවට කිසිම විමර්ශනයකින් හෙළි වුණේ නැහැ. ඉතින් මෙතනදි ස්වභාව යුක්තියේ මූලධර්මය බලපෑ යුතුයි. කවුද දැන් මේ චෝදනා කරන්නේ. මේ අය තමයි යුද්ධය සමයේදී , ශ්‍රී ලංකාවේ සෑම පවුලක්ම මුදල් දිය යුතුව තිබුණා මේ දේවල්ගැන කතා කරමින් ඇතැම් රටවල ඉන්න අයට. 

ඇතැම් ඒජන්සි සෑම පවුලකම මුදල් ලබාගත්තා. ඔබ පරීක්ෂා කර බලන්න,ඇතැම් ඒජන්සි උදෑසනම ජනතාව ඔවුන්ට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය එකතු කරගන්න පැමිණියා. 

දැන් එහෙම කරන්න මාර්ගයක් නැහැ. දැන් ඔවුන් කොහෙද ඉන්නේ ? ඔවුන්ට දැන් විදේශ රටවල තුවාල වෙලා ඉන්නේ. ඔවුන්ට මුදල් ලබාගන්න කිසිම විදිහක් නැහැ මොකද දැන් ශ්‍රී ලංකාවේ සාමය තියෙනවා. දැන් මුදල් නැතුව ඉන්න අයට අවශ්‍ය මුදල්. 

නිකිල් ගොක්ලේ - ඉන්දීය මාධ්‍යෙව්දී 

ඔබ වසර හතරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමගත් කටයුතු කළා.එම අවස්ථාවේදී කවුරුත් මේ චෝදනාව කළේ නැහැ නේද ? 

යුදහමුදාපති - 

ඔව් කවුරුත් කළේ නැහැ. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයමයි මගේ සුදුසුකම පිළිගත්තේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කිරීමට.

නිකිල් ගොක්ලේ - ඉන්දීය මාධ්‍යෙව්දී 

මේ මානව හිමිකම් චෝදනා එක්කම ආපු කාරණයක් තමයි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට භට පිරිස් යොමු කිරීමට බාධා කිරීම. ඔබ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද ?

යුදහමුදාපති - 

අපිට ඉතාම දක්ෂ විදේශ ලේකම්වරයෙක් සහ අමාත්‍යාංශයක් තියෙනවා.ඔවුන්ට හැකියාව තියෙනවා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා. 

ඔවුන් ඉතාම හොඳින් එය සිදුකරමින් සිටිනවා. සාම සාධක හමුදා මෙහෙයුම්වලට භට පිරිස් යවන්න හමුදාපති කවුද කියන එක අදාළ නැහැ. 

මට විශ්වාසයි මේ චෝදනා සිදුකරන්නන් එසේ කරන්නේ මේ භූමියෙන් ත්‍රස්තවාදය මුළිනුපුටා දැමූ ශ්‍රී ලංකා යුද හමුදාව වැළැක්වීමේ අරමුණින්. මම හිතනවා ලෝක ජාතීන් මේ දිහා වැදගත් ලෙස බලලා එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිට ඉදිරියටත් එය සිදුකරන්න ඉඩදෙයි කියලා.