එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් හා නවසීලන්තයෙන් ජනපතිට පොරොන්දුවක්

එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් හා නවසීලන්තයෙන් ජනපතිට පොරොන්දුවක්

December 3, 2019   05:42 pm

ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශවික සබඳතා වර්ධනය කිරීමට කැපවන බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපතිවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයා පවසයි.

මෙරට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපති අහමඩ් අල් මුල්ලා මහතා අද(03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබේ.

එහිදී ජනාධිපතිවරයාගේ නව දැක්ම සහිත වැඩපිළිවෙල අගය කළ තානාපතිවරයා එය සාර්ථක කර ගැනීමට උපරිම සහය ලබාදෙන බවට ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස්වරිය ඇතුළු දූත පිරිසද අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සිය සුභාශිංසන පල කර තිබේ.

මෙහිදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යොන්‍ය ප්‍රතිලාභ ඉහල නංවා ගැනීමට කැපවන බව ද ඔවුන් සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.