විශේෂ සාකච්ඡාවක් සඳහා සියලු දේශපාලන පක්ෂ කැඳවයි

විශේෂ සාකච්ඡාවක් සඳහා සියලු දේශපාලන පක්ෂ කැඳවයි

December 3, 2019   03:26 pm

විශේෂ සාකච්ඡාවක් සඳහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් හෙට(04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වනු ඇති.

එමෙන්ම නව මැතිවරණ නීති සම්බන්ධයෙන් හා දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතා මත සංශෝධනය කිරිම සම්බන්ධයෙන්ද  අවධානය යොමු කිරිමට නියමිතයි.

මැතිවරණ අවස්ථාවන්හිදි දේශපාලන පක්ෂ විසින් සිදුකරන ප්‍රචාරක වියදම් සීමා කිරිමට හා ඊට නව නීති රෙගුලාසි පැනවීමේ යෝජනාවන් පිළිබඳව ද දේශපාලන පක්ෂ ලේකම්වරුන් මෙහිදි දැනුම්වත් කිරිමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.