විදෙස් දුම්වැටි ගෙනා ලාංකීක ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට

විදෙස් දුම්වැටි ගෙනා ලාංකීක ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට

December 3, 2019   10:55 am

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(03) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොවුන් දෙදෙනා 20 හැවිරිදි වියේ පසුවන රාගම සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන් දෙදෙනා ඩුබායි සිට ඕමානයේ මස්කට් වෙත පැමිණ, එතැන් සිට ඕමාන ගුවන් සේවයේ WY-381 දරන ගුවන් යානයෙන් අද අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් දෙදෙනා විසින් රුපියල් 22,80,000 ක් ( විසි දෙලක්ෂ අසූ දහසක් )වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 25,720 ක් අඩංගු , දුම්වැටි කාටූන් 123 ක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුරට විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.සේනානායක මහතාගේ උපදෙස් මත , ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ආර්.බී.ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.එච්.පී.කුමාරසිරි , රේගු අධිකාරීවරුන් වන 
පී.වී.ධර්මප්‍රියන්ත , ඩබ්ලිව්.කේ.ඩී.බී. සුමිත් , සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.කේ.එස්.
මධුෂාන් , කේ.පී. එස්.එස්.සමරසේකර  , ඩී.ජී.බී.ගුණේන්ද්‍ර , යූ.ජේ.එච්.එම් බී.ජයසිංහ සහ ආර්.එම්.රාෂීන් යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.