බදු සහන ජනතාවට ලබා දීමට පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි

බදු සහන ජනතාවට ලබා දීමට පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි

December 2, 2019   01:56 pm

රජය මගින් ලබා දී ඇති බදු සහන කෙලින්ම ජනතාව වෙත ලබා දීම සඳහා පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍ය බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එය කඩා පනින හමුදාවක් ආකාරයට නොව සාකච්ඡාවෙන් සම්මුතියෙන් ඇති කර ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

අද (01) වනදා සවස පේරාදෙණියේදී පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය. 

මෙහිදී තව දුරටත් අදහස්  දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

" රජය බදු සහන ලබා දුන්නේ ජනතාවට ඒ සහන ජනතාවට සෘජුවම යන්න ඕන ඒ සඳහා පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි ඒ යාන්ත්‍රණය කඩා පනින හමුදාවක් ආකාරයට නොව සාකච්ඡාවේ සම්මුතියෙන් ඇති වෙන්න ඕන එහෙම කරලත් ඒක වෙන්නේ නැත්නම්  දැනට තියෙන දඩුවම දෙගුණ කරන්න ඕන."