සුරක්ෂා රක්ෂණය ඉදිරියටත් ක්‍රියාත්මකයි-රංජිත් සියඹලාපිටිය

සුරක්ෂා රක්ෂණය ඉදිරියටත් ක්‍රියාත්මකයි-රංජිත් සියඹලාපිටිය

December 1, 2019   10:08 am

පාසල් දරුවන්ට ජනාවාරි දෙවැනිදා වන විට අවශ්‍ය පෙළ පොත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම පිළිබදව පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම සුරක්ෂා රක්ෂණයද තිබු පරිදිම ගබා දෙන බවත් එය යහපත් ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරා පවසයි.

කෙසෙවෙතත් එහි ඇති ඇතැම් කරුණු සම්බන්දයෙන් සංශෝධනයන් සිදු කිරීමට අවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය රජය සමයේ පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ආනයනය කිරීමට කටයුතු සිදු කර නොමැති බැවින් ඒ සඳහා කුපන්පතක් නිකුත් කර නිල ඇඳුම් රෙදි වෙළඳපොලෙන් ලබා ගැනීමට හැකිවන පරිදි කරයුතු සිදු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.