ව්‍යාජ රන් කාසි අළෙවි කරන්න ගිය දෙදෙනක් අත්අඩංගුවට

ව්‍යාජ රන් කාසි අළෙවි කරන්න ගිය දෙදෙනක් අත්අඩංගුවට

November 30, 2019   12:13 pm

නිධානයකින් ලබාගත් රන් කාසි බව පවසමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද කාසි තොගයක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අනුරාධපුර, තවරක්කුලම ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් කාසි 851 ක තොගයක් සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 30 ක මුදලකට අලෙවි කිරීමට උත්සාහ දරා ඇති බව සඳහන්.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අනුරාධපුර පොලිසිය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.