රාජ්‍ය ආයතනවලට සුදුස්සෝ තෝරන්න ජනපතිගෙන් සය පුද්ගල කමිටුවක්

රාජ්‍ය ආයතනවලට සුදුස්සෝ තෝරන්න ජනපතිගෙන් සය පුද්ගල කමිටුවක්

November 28, 2019   11:53 am

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත්කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිමට සය පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් මෙලෙස නම් කර ඇත.

හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් සහ රාජ්‍ය අංශය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, ආචාර්ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන්ගෙන් සමන් විතය.

උක්ත තනතුරු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සුදුසුකම් ඇති වෘත්තිකයන් සිය අභිලාෂය පළ කිරීමේ ප‍්‍රකාශ 2019 දෙසැම්බර් 18 දින හෝ ඊට පෙර කමිටුව වෙත යොමු කරන්නැයි ජනාධිපති කාර්යාලය ඔවුන් වෙත දැනුම් දෙයි.