මුහුදට විසිවූ ධීවරයා අතුරුදන්

මුහුදට විසිවූ ධීවරයා අතුරුදන්

November 22, 2019   08:10 pm

උඩප්පුව, පල්ලිවාසල්පාඩුව වෙරළ තීරයේ මාදැල් රැකියාවේ නිරත වෙමින් සිටි ධීවරයකු අද (22) දින දහවල් මුහුදට විසිවී යාමේන් අතුරුදහන් වි ඇති බව උඩප්පුව පොලිසිය පවසයි. 

මෙසේ අතුරුදහන් වි ඇත්තේ මිගමුව කටුවැල්පිටිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වු 55 වියති සිව් දරුපියකු වන එම් .ඒ.එඩ්වඩ් කිංස්ලි ප්‍රනාන්දු නැමති අයෙකි.

අදාල ධීවරයා 21 දින දහවල් මාදැල් ඇදිමේ නිරත වි සිටියදී මාදැල ඇදිමට ට්‍රැක්ටරයේ සවි කර දීම තිබු කඹය කැඩි යාමේන් වෙරළ ආසන්නයේ සිටි ධිවරයා මුහුදට විසිවි යාමේන් අනතුරුදහන් වි ඇත.

අතුරුදහන් වු ධීවරයා සොයා ධීවර යාත්‍රා යොදා ගනිමින් විශේෂ මෙහෙයුක් ක්‍රියාත්මක කර තිබුණද මෙතෙක් ඔහු සොයා ගැනීමට නොහැකි වි ඇත.