සිංහල ඡන්ද පදනම ආකර්ෂණය කරගන්න අයෙක් එජාප නායකත්වයට සුදුසුයි-චන්දිම

සිංහල ඡන්ද පදනම ආකර්ෂණය කරගන්න අයෙක් එජාප නායකත්වයට සුදුසුයි-චන්දිම

November 22, 2019   12:18 pm

ඉදිරි මැතිවරණයකදී සිංහල ඡන්ද පදනම ආකර්ෂණය කර හැකියාව ඇති පුද්ගයෙකුට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායකධුරය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

ඊයේ(21) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට දෙමළ සහ මුස්ලිම් ඡන්ද පදනම ඇති බවත් මේ නිසාවෙන් එක්සත් ජාතික පක්ෂය සිංහල බෞද්ධ ඡන්ද පදනම ගොඩ නාගාගත යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා වැඩිදුරටත් මෙහිදී පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනස් සිදුවිය යුතු බවයි.