අපි ලෑස්ති ඉවත්වෙන්න-ආශු මාරසිංහ

අපි ලෑස්ති ඉවත්වෙන්න-ආශු මාරසිංහ

November 20, 2019   08:08 am

මේ මොහොතේ ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය ආණ්ඩුවෙන් ඉවත්වයාම බවත් ,එය සිදු කිරීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

දෙරණ වාදපිටිය වැඩසටහනට ඊයේ(20) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව පැවසීය.

“පක්ෂ නායක රැස්වීමක් තියෙනවා කතානයකවරයාත් සමඟ ඉදිරියේදී මොකක්ද කරන්නේ කියලා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමාත් සාකච්ඡාවක් කරා. 

බලය හුවමාරු කිරීම සම්බන්ධයෙන් එතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා පරිනත දේශපාලක්ඥයෙක් හැටියට නිවැරදි තීරණය ගෙන තීරණය ලබා ගෙන. 

ඒ නිසා කිසිම ගැටළුවක් ඇති කරගන්න ඕන්නේ නෑ ඔබතුමාලා. බලයෙන් අයින්වීම පිළිබඳව කිසිම ගැටළුවක් නෑ. අපි ලෑස්ති අයින් වෙන්න.“