රතුපස්වල සිද්ධියට එරෙහිව නීතිපති විසින් අධිචෝදනා ගොනු කරයි

රතුපස්වල සිද්ධියට එරෙහිව නීතිපති විසින් අධිචෝදනා ගොනු කරයි

September 11, 2019   03:22 pm

ගම්පහ, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාලව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කළේ එම නඩුවට අදාලව ගම්පහ මහාධීකරණයේ පත්කළ ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ල හමුවේ අදාල අධිචෝදනා ගොනුකර ඇති බවයි.