අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

September 11, 2019   12:39 pm

විවිධ අපරාධ රැසක් සම්බන්ධ පුද්ගලයෙකු ටී56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

අදාළ සැකකරු අද(11) අනුරාධපුරය, සාලියවැව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව බෙලිඅත්ත පොලිස් නිලධාරීන් සඳහන් කළේය.

මෙම සැකකරු  විසින් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි අයකුට උකස් කරන ලද ඩිෆෙන්ඩර් රථයක් මංකොල්ලකා පළා යාම, බෙලිඅත්ත පොලිස් වසමේදී ත්‍රිරෝද රථයක් පැහැරගෙන යාම, ජීව පතුරොම් සහිත පිස්තෝලයක් ඩිෆෙන්ඩර් රථයකින් රැගෙන යමින් සිටියදී වීරකැටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී සැකකරු රථය රැගෙන පලා යාම සහ යතුරුපැදි සොරකම් යන චෝදනා සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.