ලෝටස් පාර වැසෙයි September 11, 2019 11:19 am විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.