CID වාර්තාව නීතිපති අතට

CID වාර්තාව නීතිපති අතට

August 22, 2019   12:45 pm

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06කට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවා තිබු වාර්තාව අද(22) දිනයේ දී නීතිපතිවරයාට බාර දී තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් සිදුකරන ලෙස පසුගිය දා වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණි.

ඒ අනුව පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයාට ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

විමර්ශනවලට අදාළව කරුණු 11ක් සම්බන්ධයෙන් වෙන වෙනම ගොනු සකස් කර හෙට(23) දිනට පෙර එම වාර්තාව ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී  තිබුණි.