කිලෝ 50ක් බර මී වදයක්
සයුරෙන් එතෙර

කිලෝ 50ක් බර මී වදයක්

August 22, 2019   09:06 am

කිලෝග්‍රෑම් 50කට ආසන්න බරකින් යුත් මීවදයක් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි නිවසකින් සොයාගෙන තිබේ.

එය හැටදහසක පමණක මීමැසි ගහණයකින් සමන්විත වූ බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

බ්‍රිස්බේන් නගරය ආසන්නයේ පිහිටි නිවසක සීලිමේ මෙම විශාල මීවදය බැඳ තිබුණි.

කෙසේ නමුත් නිවෙස් හිමි කාන්තාව මෙම මීමැසි ජනපදයට කිසිදු අයුරකින් බාධා සිදුකර තිබුණේ නැහැ.

මාස 10ක් පමණ සම්පූර්ණ වූ පසුව මීවදය වෙනත් ස්ථානයකට ගෙන යෑමට අදාළ කාන්තාව මීමැසි පාලකයෙකුට පවරා තිබුණි.

ඒ අනුව ඔහු විසින් මීවදය නිවසෙන් ඉවත් කර ඇති අතර එම අවස්ථාවේ ලබාගන්නා ලද වීඩියෝ පටයක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබේ.

මෙම දැවැන්ත මීවදයේ බර කිලෝග්‍රෑම් 50ක් පමණ වන අතර එහි මීමැස්සන් හැටදහසක් පමණ සිට ඇති බව සඳහන් වෙයි.

එය නිදහස් පරිසරයක් සහිත වෙනත් ස්ථානයක යළි ස්ථාපිත කිරීමටත් පියවර ගෙන තිබුණි.