මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

August 22, 2019   07:07 am

2019 වර්ෂයේ දෙසැම්බර් මස 07 වන දිනට පෙර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්ද දීම සඳහා ඉල්ලුම් කරන ඡන්ද හිමියන්ට ඒ සඳහා අවශ්‍ය තොරතුරු සූදානම් කර තබා ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද හිමියන් වෙත දැනුම්දී ඇත.

තමන්ට වෙන් කරන ලද ඡන්ද පොලෙහිදී ඡන්දය දීමට නොහැකි ඡන්ද හිමියන්ට තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලූම් කළ හැකි බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඡන්ද විමසීම සඳහා දින නියම කිරීමෙන් පසු තැපැල් ඡන්ද දායකයින්ට ස්වකීය තැපැල් ඡන්ද  අයදුම් කිරීම අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු කල්වේලා ඇතිව සූදානම් කර තබා ගන්නා මෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

මෙවර ජනාධිපතිවරණයේදී භාවිකා කරනු ලබන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛයය බැවින් මේදිනනවලදී සිදු කෙරෙන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝදනය අනුව අදාල තොරතුරු ලබා ගැනිම  පහසු වන බව මැතිවරණ කොමිසන් සභාව පෙන්වා දෙයි.

ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්කය, ඡන්ද ප්‍රදේශයේ අක්ෂරය හා නම, ඡන්ද කොට්ඨාසයේ අංකය, ග්‍රාම නිළධාරි කොට්ඨාසය, විදියේ ගමේ නම, අනුක්‍රමික අංකය යන තොරතුරු ළඟ තබා ගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව දැනුම්දී ඇත.