සහෝදර ප්‍රේමය පිහි පහරින් අවසන්

සහෝදර ප්‍රේමය පිහි පහරින් අවසන්

August 14, 2019   06:59 am

ඇල්පිටිය පොලිස් වසමේ මෛත්‍රීගම, ගනේගොඩ ප්‍රදේශයේ නිවසකදී පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබේ.

ඊයේ(13) රාත්‍රී 9ට පමණ, මෙය සිදු වී ඇත්තේ එකම පවුලේ බාල සහෝදරයා විසින් තම වැඩිමහල් සහෝදරයාට බව පොලීසිය පවසයි.

මෙම පිහි ඇනුමින් මිය‍ ගොස් ඇත්තේ වයස අවුරුදු 51 ක් වු මෛත්‍රීගම ,ගනේගොඩ ලිපිනයේ පදිංචි බංඩාරිගොඩගේ ශාන්ත පුෂ්පකුමාර නැමති අයෙකි.

මෘත ශරීරය මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු ක‍රන තෙක් පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා තිබේ.

මරණකරු නිතර බීමත්ව පැමිණ තම මවට පහර දෙන අවස්ථාවේ මෙම බාල සහෝදරයා විසින් පිහියක් ගෙන මෙලෙස පහර දී ඇතැයි අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.