සල්වාර් පොටට ගෙල සිරවී අවුරුදු 8ක දරුවෙක් මිය යයි

සල්වාර් පොටට ගෙල සිරවී අවුරුදු 8ක දරුවෙක් මිය යයි

August 13, 2019   08:17 pm

සල්වාර් පොටක් ජනේලයක ගැට ගසා සෙල්ලම් කළ වයස අවුරුදු අටක දරුවෙකුගේ ගෙල සිරවීමෙන් අද(13) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇත.

පොලිසිය පැවසුවේ සෙට්ටිකුලම,මුහත්තාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු අටක් වු සෂිදරන් ක්‍රිෂාන් නමැති අට හැවිරිදි දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

දරුවා වයස අවුරුදු පහක් පමණ වු සිය සහෝදරයා සමඟ සල්වාරි පොටක් ජනෙලයේ ගැටගසා සෙල්ලම් කොට ඇති අවස්ථාවක අදාළ සල්වාරි පොට ගෙලේ සිරවීමෙන් දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.

දරුවා‍ගේ ගෙළ සිරවීමෙන් අනතුරුව නිවැසියන් ඒ බැව් දැක දරුවා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ දරුවා සල්වාරි පොට ජනෙලයක ගැට ගසා පැද්දීම සිදුකොට ඇති අතර, එහිදි සල්වාරි පොට ගෙලේ සිරවී ඇති බවයි.

මළ සිරුර සෙට්ටිකුලම රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද පොලිසිය කීය.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.