වෙඩි පහරකින් ගැබ්බර ඇතින්නක් අවසන් හුස්ම හෙළයි

වෙඩි පහරකින් ගැබ්බර ඇතින්නක් අවසන් හුස්ම හෙළයි

August 13, 2019   04:46 pm

වෙඩි තබා ඝාතනය කරන ලද ගැබ්බර ඇතින්නකගේ මළ සිරුරක් කහටගස්දිගිලිය-පඬරුල්වැව ප්‍රදේශයේ වෙල්යායක තිබී හමුවී තිබේ. 

කහටගස්දිගිලිය-පඬරුල්වැව ප්‍රෙද්ශයේ ගම්වාසීන් වෙල්යායක වැටී සිටි ඇතින්න දැකීමෙන් පසු හොරොව්පතාන වන ජීවි නිලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.

පසුව එම ස්ථානයට පැමීණි වනජීවි නිලධාරීන් ඇතින්නගේ මළ සිරුර පරීක්ෂා කර ඇති අතර වෙඩි වැදීමකින් මෙම සත්වයා මියගොස් ඇති බව තහවුරු කර ගෙන තිබේ. 

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 25ක පමණ ගැබ්බර ඇතින්නකි.