කුමාරිගේ කුඩු විකිණූ තොටළඟ ජාවාරම්කරුවන්

කුමාරිගේ කුඩු විකිණූ තොටළඟ ජාවාරම්කරුවන්

July 17, 2019   09:20 pm

කොළඹ තොටළඟ මෝදර උයන නිවාස සංකීර්ණය අසළ සිදුවන මත්කුඩු ජාවාරමක තොරතුරු උකුස්සා ඊයේ(16) අනාවරණ කළේය.

එහිදී මත්කුඩු බෙදාහරින්නන් මෙන්ම සිල්ලරට කුඩු අළෙවි කරන පුද්ගලයින්ගේ ද දර්ශන පටිගත කරගැනීමට අපට හැකිවුණි.

ඉන් මිනිත්තු කිහිපයක් ගත්වෙද්දී ප්‍රදේශයේ ප්‍රධානම ජාවාරම්කාරිය ලෙස පැවසෙන කුමාරි අපට දුරකථන ඇමතුමක් ලබාදෙයි.

ජාවාරම්කාරිය - නාකොටික් එකෙන් රෑට බැස්සම එස්.ටී.එෆ් එකෙන් උදේට බහිනවා. මගේ නමින් ගොඩක් එවුන් කරනවා. අපේ ඉන්නේ දවල් දොලහෙන් එකෙන් පස්සෙ. එතකන් විකුණන්නේ පිට එවුන් එක එක එවුන් ඇවිල්ලා මෙතන විකුණනවා. හැමදාම බඩු 300ක් ඒකාලෙ ඉදන් ඇරියා දැන් අමාරුයි. දැන් ඇවිල්ලා බඩු 150යි, 120යි. යවන්න පුළුවන් බඩු 500 නෙවෙයි. දැන් බෑ හැබැයි.

ඇයගේ මෙම අනාවරණයත් සමග තවත් තොරතුරු රැසක් අනාවරණ වෙයි.

සියලු තොරතු අනාවරණ කරගත් අප පසුදින තොටුලග මෝදර උයන ප්‍රදේශයට යන්නේ, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ද සමඟයි.

එහිදී මත්කුඩු විකුනූ සැකකරු මෙන්ම කුඩුවලට ඇබ්බැහි වූවන් ද නීතියේ රැහැනට හසුකරගැනීමට අපට හැකිවෙයි.

වසර ගණනාවක් තිස්සේ තොටලග ප්‍රදේශයේ ජනතාව බියට පත්කරමින් මේ ජාවාරමේ නිරතව සිටින්නේ කවු ද?

මේ පිළිබද සියලු තොරතුරු අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සූදානම්.