රටට ආදර්ශයක් වුණ කෝට්ටේ නගරාධිපති

රටට ආදර්ශයක් වුණ කෝට්ටේ නගරාධිපති

June 18, 2019   06:39 pm

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තමන්ට නිල රථයක් ගැනීමට ලැබුණ මුදලින් සිදු කල අපූරු කර්තව්‍යයක් පිළිබඳ අද දෙරණට වාර්තා විය.

ඒ එම මුදලින් ඩෙංගු මර්ධනයට හා ජලභීතිකා රෝග පාලනයට නගරසභා සෞඛ්‍ය අංශයට කැබ් රථ 3 ක් මිලදී ගෙන පරිත්‍යාග කර ඇති බවයි.

අද(18) දින නිල වශයෙන් නගර සභා වෛද්‍යවරුන්ට එම රථ භාර දී තිබේ.

ඒ අවස්ථාවේ නගරාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, ජනතා බදු මුදල්වලින් සැප විදීම පාපයක් වන අතර  තමන්ට ලැබුණ මේ තනතුර තාවකාලික වන අතර ජනතාව වෙනුවෙන් තම යුතුකම් ඉටු කලයුතු බවයි.

තමන් නගරසභාවට පැමිණීමට පෙර ජීවත්වූ ආකාරයට ජීවත්වන බවත් නගරාධිපති තනතුර ජනතාවට වැඩ කිරීමට මිස තමන්ගේ සැප පහසුකම් බුක්ති විදීමට ලැබුන තනතුරක් හෝ වරප්‍රසාදයක් නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.