යතුරුපැදියක සඟවා තිබු කේරළ ගංජා කිලෝ 30ක්

යතුරුපැදියක සඟවා තිබු කේරළ ගංජා කිලෝ 30ක්

June 18, 2019   09:28 am

වැල්වැටිතුරය, කිරුඩාවිල් දකුණ ප්‍රදේශයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

වැල්වැටිතුරය පොලීසිය විසින් යතුරුපැදියක් නවතා පරික්ෂා කිරීමට යාමේ දී පැදිකරු විසින් යතුරුපැදිය සහ එහි තිබූ පාර්සලයක් දමා පළාගොස් ඇති බව පොලීසිය සදහන් කළේය.

අදාළ පාර්සලය පරික්ෂා කිරීමේ දී එහි තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30යි ග්‍රෑම් 254ක් සොයාගෙන ඇති බව සදහන්.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වැල්වැටිතුරය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.