ටාජ් සමුද්‍රා හෝටලයේදී බෝම්බය පුපුරුවා නොගත් හේතුව දයාසිරි හෙළිකරයි

ටාජ් සමුද්‍රා හෝටලයේදී බෝම්බය පුපුරුවා නොගත් හේතුව දයාසිරි හෙළිකරයි

June 18, 2019   09:24 am

පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස කිසියම් විදෙස් බලවේගයක් පවතින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ටි.වි.දෙරණ ඔස්සේ ඊයේ(17) රාත්‍රියේ විකාශය වු 360 කාලීන සජීවි සංවාදය සමග එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

පාසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ටාජ් සමුද්‍රා හෝටලය තුළදී බෝම්බකරු විසින් එය පුපුරාව නොගත්තේ එම හෝටලය තුළ කිසියම් පිරිසක් සිටි නිසා බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

එමෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස කිසියම් විදෙස් බලවේගයක් සිටි බවත් එය අනාගතයේදී හෙළිකරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.