නිවසේ තනිව ජීවත් වු කතක් මුළුතැන්ගෙය තුළ දී පිළිස්සි මරුට
June 18, 2019 06:37 am
වෙන්නප්පුව පොලිස් වසමේ බණ්ඩිරිප්පුව, ලුණුවිල ලිපිනයේ නිවසක කාන්තාවක් එම නිවසේ මුළුතැන්ගෙය තුළ දීම පිළිස්සී මිය ගොස් ඇත.
වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වෙන්නප්පුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක් වු, කච්චකඩුගේ ජසින්තා ප්‍රනාන්දු නැමති කාන්තාවකි.
මෘත ශරීරය මේ වන විට සිද්ධිය වු ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබේ.
ඊයේ(17) රාත්‍රී 7.30ට පමණ මෙය අනාවරණය වී ඇත.
මිය ගිය කාන්තාව එම නිවසේ තනිව ජීවත් වු බවට අනාවරණය වී තිබේ.
වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.