හෝමුස් හරහා නෞකා ගමනාගමනය සියයට 95 කින් පහතට

හෝමුස් හරහා නෞකා ගමනාගමනය සියයට 95 කින් පහතට

March 20, 2026   01:46 pm

පෙබරවාරි 28 වැනිදා ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර දිනකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා 138ක් පමණ ගමන් කළද, දැන් එය දිනකට නෞකා 5ක් හෝ 6ක් දක්වා අඩු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙය ප්‍රතිශතයක් ලෙස 95% කින් අඩුවීමක් බව සඳහන් ය.

ඉරාන බලකායන් විසින් නිරන්තරයෙන් නෞකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළද, මාර්තු මාසය ආරම්භයේ සිට මේ දක්වා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා 100කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කර ඇත.

මෙලෙස ගමන් කළ නෞකාවලින් තුනෙන් එකක්ම ඉරානයට සම්බන්ධකම් ඇති නෞකා බව දත්ත විශ්ලේෂණවලින් පෙනී යන බවද විදෙස් වාර්තා පවසයි.

ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් නෞකා කිහිපයක් තවමත් ගමන් කරමින් තිබුණද, යුද තත්ත්වය නිසා ලෝකයේ කාර්යබහුලම මුහුදු මාර්ගයක් වන මෙය දැන් බොහෝ දුරට අඩපණ වී ඇත.