කුසලතාවය ඇති පිරිස් රාජ්‍ය පාලනයට අවශ්‍ය කාලය පැමිණිලා-චම්පික

කුසලතාවය ඇති පිරිස් රාජ්‍ය පාලනයට අවශ්‍ය කාලය පැමිණිලා-චම්පික

May 19, 2019   06:05 pm

කුසලතාවය සහ නිපුණතාවය ඇති පිරිස් රට පාලනය කිරීමේ අවශ්‍යතාවය දැන් එළඹ ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නායක අති පූජ්‍ය අග්ගමහා පන්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන් බැහැ දැකීමට ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර එළඹෙන නොවැම්බර් මාසය තුළදී ජනාධිපති මැතිවරණයත් එන තුර ආණ්ඩු පෙරළිමට කලබල විය යුතු නැති බව අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම ආරක්ෂාවට මුල් තැන දෙන රටක් ගොඩනැගීමේ අවශ්‍යතාවය දැනී ඇති කාලයක් එළඹ ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පවුල්වාදය සහ ගජ මිතුරන් නොමැති කුසලතාවය සහ නිපුණතාවය සහිත පුද්ගලයින් රාජ්‍ය පාලනයට අවශ්‍ය කාලය පැමිණි ඇති බවයි.