බදියුදීන්ට එරෙහිව ගේන විශ්වාසභංගයේදී එජාපයේ තීරණ ගැන චන්දිම කියයි

බදියුදීන්ට එරෙහිව ගේන විශ්වාසභංගයේදී එජාපයේ තීරණ ගැන චන්දිම කියයි

May 19, 2019   04:54 pm

අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට විරුද්ධව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවේදී එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධ ඡන්දය ලබාදීමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේබව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා වැරැද්දක් කර ඇති බව ඔප්පු කළ හැකි නම් රිෂාද් බදියුදීන් මහතා විරුද්ධිව ඡන්දය දීමට හැකියාව තිබේන බවයි.

මේ අතර අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාවේදී විපක්ෂයට අවශ්‍ය ලෙස ඡන්දය ලබාදීමට සූදානම් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.