ජන අවධානය වෙනතකට හරවන මංගලගේ සැලැස්මක් ගැන විමල් කියයි
May 15, 2019 10:48 pm
අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කළ ප්‍රකාශය ජනතාව අතර ගැටුම් නිර්මාණය කිරීමේ ආණ්ඩු සැලැස්මෙහි කොටසක් බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේදී අද(15) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව තුළ සිටින දේශපාලකයින් චෝදනාවට ලක්වූ මුස්ලිම් අන්වාදීන්ගේ බලපෑම් මත, ජන අවදානය වෙනතකට යොමු කිරීමේ අපේක්ෂාවෙන් මංගල සමරවීර අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව පැවසීය.
මේ අතර සුළු ජනකොටසක් සමූල ඝාතනය වෙනවනම් ආරක්ෂාව සඳහා වගවීමේ මූල ධර්මය යටතේ ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකළ හැකි බව ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහරදී එය පොහොට්ටුවේ ක්‍රියාවක් බව පවසමින් පටු දේශපාලන වාසි නොගෙන රට ගැන සිතා කටයුතු කරන ලෙස ක්‍රියාත්මක වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.