යාපනයේ සරසවි සිසුන් පාරට

යාපනයේ සරසවි සිසුන් පාරට

May 15, 2019   09:20 pm

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් අද(15) යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපස විරෝධතාවයක නිරතවු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සභාපති හා ලේකම් ඇතුළු විශ්වවිද්‍යාල ක්‍රියාකාරිකයෙකු නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවයේ නිරතවිණ.

විරෝධතාවයට එක්වු විශ්ව විද්‍යාල සිසුන් පැවසූවේ කොන්දේසි විරහිතව අත්අඩංගුවේ පසුවන අදාළ පිරිස් වහාම නිදහස් කළ යුතු බවයි.

විශ්ව විද්‍යාල සිසුන්,විශ්ව විද්‍යාල සේවක සංගම් හා යාපනය දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් විරෝධතාවයට එක්ව සිටි ඉව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.