මධු මාධව පැය 3කට පසුව පොලීසියෙන් නික්ම යයි

මධු මාධව පැය 3කට පසුව පොලීසියෙන් නික්ම යයි

May 15, 2019   07:30 pm

පසුගියදා මිනුවන්ගොඩ පැවති නොසන්සුන් වාතාවරණය අතරතුර පිවිතුරු හෙළ උරුමයේ උප නායක මධුමාදව අරවින්ද මහතා එහි ඇවිද යන ආකාරය දැක්වෙන වීඩීයෝවක් සමාජ ජාලවල සංසරණය විය.

මේ අතර ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මධුමාදව අරවින්ද මහතාව අද(15) මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා තිබූ අතර ඔහු එහි පැමිණෙමින් සිටි අතරවාරයේ මිනුවන්ගොඩ නගරයේ රැඳී සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කළේය.

එහිදී අදහස් පළ කරමින් මධු මාධව අරවින්ද මහතා කියා සිටියේ, තමා මෙහි පැමිණියේ නීත්‍යානූකූලව යම් ප්‍රකාශයක් සිදු කිරීමට බවත්, ඒ එන අවස්ථාවේ දී පාරේදී ඇඟිලි දික් කරමින් අපි ගිනි තබන බවට නිකරුණේ චෝදනා කරන බවත්, ඉවසීමෙන් සිටින්නේ ගිනි තැබීමට අවශ්‍ය නොවන බව ද එතුමා පැවසීය.

කෙසේවෙතත් පැය තුනකට ආසන්න කාලයක් පොලිස් ස්ථානය තුල රැඳී සිටිමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි ඔහු මෙලෙස අදහස් පළ කරමින් කියා සිටියේ, ස්ථානාධිපති වරයා කාර්ය බහුල බවත් පැය තුනක් බලා සිටි නිසා තමා පිටත්ව යන බවත් නැවත කැඳවු විට පැමිණ කටඋත්තරයක් ලබා දෙන බවත්ය.