ඇලබාමා ප්‍රාන්තයේ ගබ්සාව නීතියෙන් තහනම්
සයුරෙන් එතෙර

ඇලබාමා ප්‍රාන්තයේ ගබ්සාව නීතියෙන් තහනම්

May 15, 2019   06:46 pm

ගබ්සාව නීතියෙන් තහනම් කිරීමට අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මේ අනුව ඒ සම්බන්ධය තද නීති මාලාවක් හදුන්වාදීමට ද ඔවුන් තීරණය කර ඇති බවද සදහන්.

 ගබ්සාව තහනම් කිරීම සදහා වන පනතකට අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්ත නීති සම්පාදකයන්ගේ අනුමැතිය හිමි විය.

මේ අනුව ඉදිරියේදී ඇලබාමා ප්‍රාන්තය තුළ ගබ්සා කිරීම සපුරා තහනම් වේ.

ස්ත්‍රී දූෂණය සහ පවුලේ සාමාජිකයන් අතර සිදුවන ව්‍යභිචාරය යන අවස්ථාවලදී ව්‍යාතිරේකයක් ලබාදෙන මෙන් අදාළ පනත සම්මත කිරීමේදී ඉල්ලීම් කෙරුණද ඒවා ප්‍රතික්ෂේප කිරීමට නීති සම්පාදකයන් කටයුතු කර තිබුණි.

මවගේ සෞඛ්‍යයට අයහපත්වන අවස්ථාවලදී හැර අන් කිසිදුවිටෙක ගබ්සාවක් සිදුකිරීමට මේ අනුව අවස්ථාව නොලැබෙනු ඇති.

නව පනත, ඉදිරියේදී ආණ්ඩුකාර කේ ඉවේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගබ්සාවට දැඩි සේ විරෝධය දක්වන ඇය ඒ සදහා සිය අනුමැතිය ලබාදෙනු ඇතිබවට පැවසෙයි.