වෙසක් වෙනුවෙන් දින 4ක් සුරා සැල් වැසෙයි

වෙසක් වෙනුවෙන් දින 4ක් සුරා සැල් වැසෙයි

May 15, 2019   05:34 pm

2019 වසරේ වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන මත්පැන් සිල්ලරට විකිණීමේ සියළුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන දින 4ක් වසා තැබෙයි.

ඒ අනුව මැයි මස 17 වන සිකුරාදා සිට මැයි 20 වන දින තෙක් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර තිබේ.

මේ අතර මැයි මස 20 වන සඳුඳා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.