රටට ආදර්ශයක් වු තරුණ්‍ය

රටට ආදර්ශයක් වු තරුණ්‍ය

May 13, 2019   11:33 am

තරුණ අවධිය නිකරුනේ ගෙවී යෑමට ඉඩ නොදී රටට ආදර්ශයක් දෙමින් සිය තරුණ අවධිය වැලිමඩ නගර අලංකරනය සඳහා යෙදවු අපූරු තරුණයින් පිරිසක් වැලිමඩ නගරයේදී අද දෙරණට හමුවිය.

වැලිමඩ ප්‍රාදේශිය සභාව මඟින් ගනු ලැබූ තීරණයකට අනුව වැලිමඩ නගරය තුළ ඇති තාප්ප (බැමි )වල අවිධිමත් ආකාරයෙන් පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම තහනම් කල අතර ඒ සඳහා සුදුසු ස්ථාන නම් කිරීමටද කටයුතු කර තිබුණි.

එම පෝස්ටර් ඇලවිම තහනම් කරනු ලැබී සියලු ස්ථාන සුදු වර්ණයෙන් තීන්ත ආලේප කිරීමටත් පියවර ගෙන තිබිණ.

මෙම සුදු තින්ත ආලේප කරන ලද බැමි පිළිබඳව වෙනස්ම ආකාරයකින් සිතූ ඌව එක්සත් බෞද්ධ සංගමයේ තරුණ පිරිස මෙම බැමි අලංකාරවත් ලෙස සැරසිමට පියවර ගෙන තිබේ. 

ඒ ඔවුන් සමාජයට යම් පණ්විඩයක් දෙන ආකාරයේ හා නගරයට පැමිණෙන ජනතාවට සුන්දර දසුන් නැරඹිම අරමුණු කර ගනිමින් චිත්‍ර නිර්මාණය කිරීම මේ දින වල සිදු කරමින් පවතී. 

ඔවුන්ට මෙම කාර්ය කිරීමේදි උමා ඇල ශ්‍රි සුදර්ශණාරාම විහාරාධිකාරි මැදමුලනේ විජයබෝධි හිමියන්ගේ පූර්ණ අනුශාසනා ලැබී තිබේ.

මෙම චිත්‍ර නිර්මාණය කිරීමේදි මෙම තරුණයින් රාත්‍රී කාලය පුරාවට සිය නිර්මාණ කාර්යයන්ගේ නිරත වී ඇති අතර මෙම නිර්මාණ සඳහා වැලිමඩ නගරයේ වෙළද ප්‍රජාව හා ප්‍රදේශයේ ධානපතින්ද සහය ලබා දී ඇති අතර මෙම චිත්‍ර ඇදිම සඳහා කිසිදු මුදලක් අදාල තරුණයින් ලබා නොගැනිමද විශේෂත්වයක් වෙයි.

ලැබුණු ආධාර තීන්ත හා අනෙකුත් ද්‍රව්‍ය සඳහා පමණක් ලබා ගැනිමද මොවුන් විසින් සිදු කරයි.

තරුණයින්ගේ සිතට නැගුණු එක් සිතුවිල්ලක් හේතුවෙන් මේ වන විට වැලිමඩ නගරයට අමුතුම ආකාරයේ අලංකාරයක් ඇතිව තිබේ.