කල්මුණේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි
April 27, 2019 06:51 am
කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ ඊයේ (27) රාත්‍රීයේ එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බවයි.
යුධ හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ සෙසු ආරකෂක අංශ එක්ව කල්මුනේ, සයින්දමරුදු චවලකඩේ ඇතුළු ප්‍රදේශවල පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බවය පොලිසිය පවසන්නේය.
මේ අතර කල්මුණේ, චවලකඩේ, සමන්තුරය යන පොලිස් බල ප්‍රදේශ සදහා නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
දිවයිනේ සෙසු ප්‍රදේශ සදහා ඊයේ රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වූ පොලිස් ඇදිරි නීතිය අද අළුයම 04.00ට අවසන් විය.
