ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර

ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයට

April 25, 2019   10:36 am

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇත.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට මෙහිදී වැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය දින කිහිපය තුළ දකුණු අප්‍රිකාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවලට අධික වර්ෂාවක් පතිත වූ අතර පුද්ගලයින් 1000ක් පමණ මේ වන විට අවතැන්ව සිටින බව සඳහන්ය.

වෙරළබඩ ප්‍රදේශවලට සුළඟින් දැඩි බලපෑම් එල්ල විය හැකි බවට ද කාලගුණ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.