ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස් වෙයි

April 25, 2019   07:16 am

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (26) දිනයේදී රැස්වීමට නියමිතව ඇත.

එහි සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

මෙහිදී නව අගවිනිසුරුවරයා සහ විගනකාධිපතිවරයා පත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

කෙසේවෙතත් අදාල පත් කිරිම් සඳහා මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ ඉදිරිපත් වී නොමැති බව වාර්තා වෙයි.

හෙට දිනයට අමතරව ලබන සඳුදා දිනයේ ද ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව රැස්වීමට සැලසුම් කර ඇත.