සයුරෙන් එතෙර
දෙවන ලෝක යුද්ධයේ බෝම්බයක් ජර්මනියේදී නිශ්ක්‍රිය කරයි
April 15, 2019 01:35 pm
දෙවන ලෝක යුද්ධය පැවැති කාලයේදී භාවිත කළ බවට සැලකෙන බෝම්බයක් නිශ්ක්‍රිය කළ බව ජර්මන් බලධාරින් පවසයි.
ෆ්රැන්ක්ෆර්ට් හි ගංඟාවක තිබී එම බෝම්බය හමුවී ඇත්තේ කිමිදුම් අභ්‍යාසයක යෙදී සිටි ගිනි නිවන භටයින් පිරිසක් වෙතයි.
පසුගිය සිකුරාදා සොයාගත් එම බෝම්බය කිලෝග්‍රෑම් 250ක බරකින් යුත්ත බවයි වාර්තා වෙයි.
ඒ අනුව ඊයේ(14) බෝම්බය නිශ්ක්‍රිය කර ඇති අතර ෆ්රැන්ක්ෆර්ට් ගංඟාව ආශ්‍රිතව නිවාසවල වාසය කළ පුද්ගලයින් 600ක් පමණ එම අවස්ථාවේදී ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
2017 වසරේදී ෆ්රැන්ක්ෆර්ට් ඉදිකිරිම් වැඩ බිමකදී ටොන් 1යි දශම 4ක බරින් යුත් බෝම්බයක් හමුවී තිබුණි.