හැටන් පොලීසිය අලුත් අවුරුද්ද සහජිවනයෙන් සමරයි

හැටන් පොලීසිය අලුත් අවුරුද්ද සහජිවනයෙන් සමරයි

April 14, 2019   09:50 pm

හැටන් මුලස්ථාන පොලීසිය මඟින් ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරමින් ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් ජනතාව එක් කරගනිමින් සහජිවනය සංකේතවත් කරමින් කිරි උතුරුවා තේ පැන් සංග්‍රහයක් අද(14) පවත්වනු ලැබුවේය.

හැටන් මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජමින් මහතා විසින් මෙම තේ පැන් සංග්‍රහය සංවිධානය කර තිබුණි.

හැටන් පොලිසිය ඉදිරිපිට නැකතට අනුව කිරි උතුරුවා පසුව ආහාර අනුභවය සඳහා ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් ජනතාවට ආරාධනා කර තිබුණි.

හැටන් පොලීසිය මඟින් පැවැත් වු තේ පැන් සංග්‍රහයට ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වි සිටියේය.