ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අද

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අද

March 21, 2019   07:08 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන වටයේ සාකච්ඡා අද (21) පැවැත්වීමට නියමිතව  ඇත.

විපක්ෂනායක කාර්යාලයේදී අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය 14 වනදා පැවැත්වුණි.

අද පැවැත්වෙන සාකච්ඡා වටය සඳහා සුභවාදීව මුහුණ දීම සඳහා දෙපාර්ශවයම සුදානමින් පසුවන බව අද දෙරණට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටීය.