ආණ්ඩුව රකින කිරිඇල්ල ගැන මහින්දානන්ද කථා කරයි

ආණ්ඩුව රකින කිරිඇල්ල ගැන මහින්දානන්ද කථා කරයි

March 19, 2019   05:59 pm

ආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල අමාත්‍යවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, විද්‍යා , තාක්ෂණ හා පර්යේෂණ පිළිබද කැබිනට් නොවන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ සාකච්ඡාව අතරතුර  පැවති විවාදයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ජ්‍යෙෂ්ඨ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා අපේ මහනුවර නායකයා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය රකින නායකයා. 

පාර්ලිමේන්තුවේ මොනවා කීවත් කොල්ලා වගේ තමයි ඔබ තුමා සිටින්නේ. එතුමා තමයි පාර්ලිමේන්තුව රකින්නේ.

ඔබ තුමාට මොකද වුණේ.ඔබ තුමන්ටත් කැපිල්ලක් ගියා නේද? අගමැතිතුමා ළඟම ඉදලා ඔබ තුමාව කපලා.

ඔබ තුමා  මහා මාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා. ඔබ තුමා ප්‍රබල කැබිනට් ඇමතිධූරයක් දැරුවේ.

ඔබ තුමාගේ අමාත්‍යාංශයේ අද ආයතන කීයද තියෙන්නේ? කබීර් හෂීම් මැතිතුමා රාජ්‍ය ව්‍යාසාය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේ එතුමාට ආයතන 38 ක් තිබුණා.

ඔබ තුමා දිවුරුම් දෙන අවස්ථාවේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශ යටතේ ආයතන 38සදහා සභාපතිවරුන්ද නම් කරලා තිබුනේ.

නමුත් ඔබ තුමාට ආයතන 04යි තිබෙන්නේ. ඔබතුමාගේ ආයතන සියල්ල කපා හැර දමලා.ඔබ තුමාට සල්ලි කීයද දීලා තිබුනේ.

බිලියන 0.47 ඔබතුමාට මුදල් වෙන් කරලා තිබෙන්නේ.

සුජීව සේනසිංහ අමාත්යතවරයාට මිලියන 500ක් දීලා තිබෙනවා.  “