ජිනීවා සැසිවාරයන් ආවරණ කිරීමට ගිය දෙරණ මාධ්‍යවේදියාට දෙමළ ඩයස්පෝරාවෙන් බාධා

ජිනීවා සැසිවාරයන් ආවරණ කිරීමට ගිය දෙරණ මාධ්‍යවේදියාට දෙමළ ඩයස්පෝරාවෙන් බාධා

March 18, 2019   07:35 pm

බ්‍රිතාන්‍යය විසින් ගෙන එන ලද යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම මගින් ශ්‍රී ලංකාව යුධ අපරාධ චෝදනා පිළිගැනීමක්ද සිදු වන බැවින් ඊට විරුද්ධ වීමට මෙරට ආණ්ඩුට තවමත් අවස්ථාව ඉතිරිව ඇතැයි විපක්ෂයේ නියෝජිතයන් පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරෙන බලපෑම් වහාම නතර කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමට බල කරමින් එම කාර්යාලය ඉදිරිපිට ඊයේ (17) පස්වරුවේත් ශ්‍රී  ලාංකිකයන් විරෝධතාවක් පැවැත් විය.

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සංවිධානය කළේ, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය,  පෝලන්තය ස්වීඩනය, මහා බ්‍රිතාන්‍යය සහ ඩුබායි  රටවල වෙසෙන ශ්‍රී  ලාංකිකයන්.

ඔවුන් අවධාරණය කළේ,  ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරෙන බලපෑම් මානව හිමිකම්  කොමසාරිස් කාර්යාලය වහාම නවතා දැමිය යුතු බවයි. 

මේ අතර ප්‍රධාන සැසියට සමගාමීව අද (18) දිනයේ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ උතුරු සභා මන්ත්‍රී  එම් කේ සිවාජිලිංගම්ගේ සහභාගීත්වයෙන් සමාන්තර සැසිවාරයන් කිහිපයක් පැවති අතර ඒම සැසිවාරයන් ආවරණය කිරීමට ගිය අද දෙරණ මාධ්‍යවේදියාට දෙමල ඩයස්පෝරාවේ පුද්ගලයින් විසින් බාධා එල්ල කර තිබේ.