ඇෆ්ගනිස්ථානය පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ජයග්‍රහණය වාර්ථා කරයි

ඇෆ්ගනිස්ථානය පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ජයග්‍රහණය වාර්ථා කරයි

March 18, 2019   01:19 pm

සිය පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ජයග්‍රහණය වාර්ථා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩයම සමත් වී තිබේ.

ඒ  අයර්ලන්ත කණ්ඩායම සමඟ ඉන්දියාවේදී පැවති ටෙස්ට් තරඟය කඩුලු 07කින් ජය ගැනීමත් සමඟයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිමේදි සියළු දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථානය පළමු ඉනිමේදී ලකුණු 314ක් ලබා ගැනීමට සමත් විය.

දෙවන ඉනිමේදී අයර්ලන්ත කණ්ඩායමේ සියළු ක්‍රිඩකයින් ලකුණු 288ක් තුළ දැවී යාමත් සමඟ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 147ක ඉලක්කයක් හිමි විය.

එම ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී සිටියදී සපුරා ගැනිමට සමත් වු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ජයග්‍රහණය වාර්ථා කළේය.