අධිකරණ ඇමතිනිය සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර හමුවක්

අධිකරණ ඇමතිනිය සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර හමුවක්

March 15, 2019   09:26 pm

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Jon Philip මහතා අතර හමුවක් අද (15) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ දී පවත්වා ඇත.

දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගීතාවය ඇති කර ගැනීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත.

මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය පුහුණුවීම් නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම වැනි කටයුතු  සඳහා ඕස්ට්‍රේලියානු රජය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කර තිබේ.

ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.