අන්නාසි ඉඩමෙන් නිධන් හැරූ අය උකුසු ඇසට මාට්ටු

අන්නාසි ඉඩමෙන් නිධන් හැරූ අය උකුසු ඇසට මාට්ටු

March 6, 2019   02:44 pm

රට තුළ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියා පිළිබඳව අද දෙරණ උකුස්සා අවස්ථා රැසකදි කරුණු අනාවරණ කළේය.

පිරිසක් විසින් නිධානයක් ගොඩ ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳවයි.

පාදුක්ක වටරැක ප්‍රදේශයේ  කුරුගල මහවිහාරයේ එක් මායිමක් ආසන්යේ පිහිටි පෞද්ගලික අන්නාසි ඉඩමක නිධානයක් ගොඩ ගැනීමට පිරිසක් විසින් උත්සහ කරමින් සිටින බවට ලද තොරතුරකට අනුව පාදුක්ක පොලීසිය සමඟ ඒකව අද දෙරණ උකුස්සා මෙහෙයුමක් ආරම්භ කළේය‍.

ඒ අනුව උකුස්සා පාදුක්ක පොලීසිය සමඟ වටරැක ප්‍රදේශයට ළඟාවන විටත් උකුස්සාට දැක ගත හැකි වුණේ නිධානය ගැනීමට අදාල පිරිස උත්සහ කරමින් සිටින ආකාරයයි.

එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් නිධානය ගැනීමට උත්සහ කරමින් සිටි පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

එම අවස්ථාවේදී එක් අයෙක් පලායාමට උත්සහ කළ අතර එහිදී ඔහුවද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහිදී ගල් පැලීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සහ නිධානය ගොඩ ගැනීමට භාවිත කළ උපකරණ තොගයක්  ද පොලිස් භාරයට ගනු ලැබීය.

අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියා රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.