අපි තවම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මුහුකුරා ගිහින් නෑ

අපි තවම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මුහුකුරා ගිහින් නෑ

February 21, 2019   01:28 pm

දේශපාලන පක්ෂවල තනි අරමුණු ක්‍රියාත්මක නොකර පොදු අරමුණක් වෙනුවෙන් ආණ්ඩුවක් බිහි කරගැනීම රටේ සංවර්ධන ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ හබරාදූව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පක්ෂ 10 ක් හෝ 15 ක් වැනි සංඛ්‍යාවක් අතරේ බෙදී යා හැකි බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්විය හැකි බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

කවුරුන් කෙසේ පත්වුවත් කළ යුතුව ඇත්තේ ධූරය ලැබීමෙන් අනතුරුව පොදු සංවර්ධනය උදෙසා වැඩ කිරීම බව ද පැවසු මන්ත්‍රීවරයා, එසේත් නොමැතිව එක් එක් දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන්ට වැඩ කටයුතු කිරීමට යෑම තුළින් වර්තමාන තත්ත්වය උදා වී ඇති බව ද සඳහන් කළේය.

ලංකාවේ දේශාපාලනය තවමත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මුහුකුරා ගොස් නොමැති බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා, දේශපාලඥයින් කඹ අදිමින් සිටින බවත් ඔවුන් විවිධ පක්ෂ නියෝජනය කරමින් පත්වීම කිසිදු වරදක් නොවන බව ද පැවසීය.