බෝට්ටුවකින් ගෙනා කේරල ගංජා කිලෝ 20ක් අල්ලයි

බෝට්ටුවකින් ගෙනා කේරල ගංජා කිලෝ 20ක් අල්ලයි

February 18, 2019   01:49 pm

කේරල ගංජා කිලෝ 20යි ග්‍රෑම් 35 ක් කල්පිටිය පොලිස් වසමේ කන්දකුලිය, ඊච්චන්කාඩුව වෙරළ තීරයේ දී අත්අඩංගුවට පත්ව ඇත.

අද(18) අළුයම 3 ට පමණ වෙරළ තීරයට බෝට්ටුවකින් ගෙනා මෙම ගංජා තොගය සැකකරුවන් දෙදෙනෙක් සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

පසුව බෝට්ටුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 49 ක් වු කන්දකුලියකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා 53 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

සැකකරුවන් හෙට(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.