රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍යයක් කරන්න මංගලගෙන් කමිටුවක්

රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍යයක් කරන්න මංගලගෙන් කමිටුවක්

February 11, 2019   06:29 pm

රාජ්‍ය මාධ්‍ය ආයතන සෑබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කරලීමේ අරමුණෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 

මාධ්‍ය භාවිත සහ ඒවායේ ස්වාධීනත්වය පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනැගී ඇති මෙම අවස්ථාවේ මාධ්‍ය ප්‍රවීණයන්ගේ අදහස වී ඇත්තේ පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර රාජ්‍ය මාධ්‍ය ස්වාධීන සැබෑ මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් විය යුතුය යන්න යි. 

එම අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දින (11) සත් පුද්ගල කමිටුවක් පත් කරන ලදී. 

ඉහත කරුණට අදාළව රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පවරා තිබේ.